දුප්පත් ජනතාවට හැම සහනයක්ම දෙනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවත් වීමේ ගැටලු සඳහා දිය හැකි හැම සහනයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලින් ද ඒ සඳහා මඟ පෙන්වා තිබෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. 

අර්බුදයෙන් ගොඩ ඒමට දැන් දොරටුවක් විවෘතවී තිබෙන අතර ඒ දොරටුව විවර වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව මුළු මහත් මුළු මහත් ජාතියක් සඳහා බව කීය.