
(නිමන්ති රණසිිංහ)
ගම්පහ කළුතර සහ ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධරී වසම් අටක් අද රාත්‍රී 8 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව ගම්පහ පොල්හේන, හිරලුගෙදර, ගම්පහ කළුඅග්ගල, මිනුවන්ගොඩ ඇසැවැන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම හුද කලා කර ඇති අතර කළුතර මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ, මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාමසේවා වසම් ද හුදකලා කර ඇත.
ත්‍රිකුණාමලය පුම්පුහර් ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට නැවත දැනුම් දෙනතුරු හුදකලා කර ඇත.

