දිවුලපිටියේ පන්දම් විරෝධයට මැර ප්‍රහාරයක්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

වැඩිවූ විදුලි බිලට එරෙහි ව විරෝධතාවයක මැර ප්‍රහාරයක් එල්ල වූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් ධම්මික සංජීව මහතා පවසයි.

විරෝධයට සැරසෙද්දී ප්‍රබල දේශපාලනඥයකුගේ ලේකම් වරයකු බව කියන පුද්ගලයකු හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසකගෙන් මැර ප්‍රහාරය එල්ල කළ බව ද ඔවුහු චෝදනා කරති.  එල්ල වූ මැර ප්‍රහාරයට ලක් වූ එක් විරෝධතාකරුවකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ගොඩිගමුව නගරයේ දී නගරයේදී මෙම විරෝධතාව පැවැත්වීමට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ දිවුලපිටිය ජනතා නාදය සංවිධානය මගින් සංවිධානය කර තිබිණි.

විරෝධතාවය ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේ ප්‍රබල දේශපාලනාඥයාගේ ලේකම්වරයා ඇතුළු පිරිසගෙන් බාධා සිදු වූ බවද ඒ හේතුවෙන් විරෝධතාවය අතහැර ආපසු යමින් සිටියදී ප්‍රහාරයක් එල්ල වූ බව ද ජාතික ලේකම්වරයා සඳහන් කරයි.

තමන්ගේ විරෝධතාපුවරු හා පන්දම් දැල්වීමට ගෙනා භූමිතෙල් කෑන් ද මෙහිදී කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇ ධම්මික මහතා කීය.