දියේ ගිලී විදෙස්කත මරුට


(සුමිත් පොතුපිටිය) 

මොරගල්ල මුහුදේ දියනාමින් සිටි තායිලන්ත ජාතික කාන්තාවක දියේ ගිලී මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය සදහන් කරයි .

මොරගල්ල ප්‍රදේශයේ  සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති  ඇය දියේ ගිලී අතුරුදන්ව ඇති අතර, ජීවිත ආරක්ෂක නිළධාරීන් ඇය සොයා මෙහෙයුම් කරන අතරතුර බෙන්තර ප්‍රදේශයට ගොඩගසා තිබූ බව පොලිසිය කීය.