දියවළට ඥාති සහෝදරයෝ බිලි වෙති


(ඒ.ජේ.කරඳගොල්ල)

මතුරට පදියපැලැල්ලේ, ඉඩමිපිටිය වඩුවාවල  දියවළේ  නෑමට ගිය  ඥාති සහෝදරයකු සහ සහෝදරියක් දියේ ගිළී මියගොස් ඇති බව මතුරට පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මතුරට  කැටයාපතන ගමෙහි පදිංචි වීරසිංහ මුදියාන්සේලාගේ අයේෂ් ඉඳුවර බැමිණිමුල්ල ( අවු.12) සහ වීරසිංහ මුදියාන්සේලාගේ දසුනි ප්‍රියංගිකා තත්සරණී ( අවු.13 ) නැමති ඥාති සහෝදරයකු සහ සහෝදරියක බව පොලීසිය පවසයි .

මෙි දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් වඩුවාවළෙහි සැඩ ජල පහරක් තිබී ඇත.

මියගිය දෙදෙනා දිය නාමින් සිටියදී ඥාති සහෝදරිය දියේ ගිළී ඇති අතර ඇය බෙිරාගැනීමට සහොදරයා උත්සහ දැරීමෙිදී ඔහුද දියේ ගිළී ඇත.

ඉන් පසුව සෙසු පිරිස කෑගසමින් අසල්වාසින්ගේ සහය ඉල්ලා ඇති අතර  එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසින්ට පාසල් සිසුවියගේ සිරුර හමුවී ඇති අතර ප්‍රදේශවාසීන් ඇය රිකිල්ලගස්කඩ මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒවනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .

මියගිය සිසුවාගේ සිරුර අද දහවල් වන විටත් සොයාගෙන නොතිබුණි. එම අයගේ සිරුර සෙවීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් යෙදවීමට පොලිසිය පියවර ගත්තේය.