(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල සිදු කරන අධ්‍යයන කටයුතු හෙට (29) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කළ බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි .
විශ්වවිද්යාරලයේ නේවාසිකාගාරවල සිටින සිසුන් ට ලබන ජූලි මස 1 වන දිනට පෙර සිය නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසට දැනුම් දුන් බවද හෙතෙම කීය .
දැනට රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අන්තර් පළාත් දුර ගමන් සේවා මෙන්ම පලාත් අතර බස්රථ ධාවනය අඩාල වී ඇති හෙයින් මාර්ග , ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙලෙස අධ්‍යයන කටයුතු නවතා දැමුවද මාර්ග ගත ක්‍රමයට විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු සිදු කරන බව පවසන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා , රටේ පවතින ඉන්ධන අර්බුදය සමතයකට පත් වූ විගසම නැවත ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල සිසුන් යළි විශ්වවිද්‍යාලයට කැදවන බවද සදහන් කළේය .