දෑත් කැපූ සහාසිකයා නීතිඥයකු සමග අධිකරණයට බාර වෙයි


(රේඛා තරංගනී ෆොන්සේකා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොරටුව දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී දෙනෝදාහක් බලා සිටියදී විදුලි කාරර්මියකුගේ දෑත් කපා ගෙන ගිය බව කියන සහසිකයා   නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට බාර වී ඇතැයි මොරටුව පොලිසිය කියයි.

සැකකරු කොරලවැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු හතළිහක පුද්ගලයෙකි .

යතුරු පැදියකින් පැමිණි  සැකකරු මොරටුව දෙල්ගහවත්ත හන්දියේ දී විදුලි කාර්මිකයාට පන්න පන්නා කඩුවෙන් පහර දී ඇත. පසුව  ශරීරයෙන් වෙන් වූ දෑතේ කොටස් ද   රැගෙන සැකකරු  පළා යන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන් වී තිබිණි..

මොරටුව පොලීසියේ  කණ්ඩායම් කීපයක් සහ තවත් විශේෂ කණ්ඩායම් කිහිපයක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා  යොදවා සිටියදි අද අලුයම මෙසේ බාර වී ඇත.

නීතිඥවරයා සිය වාහනයෙන් රැගෙන ආ  සැකකරුගේ අතින් අල්ලාගෙන  අධිකරණය තුළට යාම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට  පොලිස් නිලධාරීන්ට නොහැකි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.