දැරියකට අතවර කළැයි ගුරුවරයෙක් අත්අඩංගුවට


(අශෝක තිලකරත්න)

තම පාසලේම ඉගෙනුම ලබන 13 හැවිරිදි ශිෂ්‍යාවකට බරපතල ලිංගික  අපයෝජනයකට ලක්කළ බව කියන ගුරුවරයෙක් අද (13) අත්අඩංගුවට ගත් බව අඟුණකොළපෑලැස්ස පොලිසිය පවසයි.

සැකකාර ගුරුවරයා දැනට මාසයක පමණ කාලයක තිස්සේ දැරිය තම නිවසේ නතර කරවා ගෙන ඇය ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් සැකකාර   ගුරුවරයා හෙට (14) අඟුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කිරීමට නියමිතය. දැරිය වෛද්‍ය පරික්ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

අඟුණකොළපෑලැස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.