(අංජුල මහීක වීරරත්න)
අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ ලංකාවේ සිටින සියලු දෙනා අල්ලන තුරු දැනට සීරුවෙන් තබා ඇති ආරක්ෂක විධිවිධාන කිසිවක් ලිහිල් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත අද (2) දැනුම් දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය කළේ ශ්‍රී ලංකාවේ ස්ථාන 6 කට එකවර හා තවත් ස්ථාන දෙකකදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පැය 12 ක් ගතවීමට පෙර ඊට සම්බන්ධ සියලු කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ආරක්ෂක අංශ රජයට දුන් නවතම වාර්තාව බාර ගැනීමෙන් පසුවය.
වර්ෂ 2015 තෙක් එල්ටීටීඊ ත්‍රස්තවාදයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ක්‍රියාකළ ශ්‍රී ලංකාවේ බුද්ධි හා ආරක්ෂක අංශ තාක්ෂණයත් සමඟ නවීකරණය වූ ත්‍රස්ත ව්‍යාපාරවලට එරෙහිව ක්‍රියා කිරිමට පෙළ ගැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස දින කිහිපය ඇතුළත අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ඉහත වාර්තාවේ දැක්වේ.
එසේම සාම සාධක හමුදා ලෙස මාලි රාජ්‍යයේ කළ සේවයේ අත්දැකීම් ද අයිඑස්අයිඑස් මෙහෙයුම් සාර්ථක කර ගැනීමට ඉවහල් වූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබේ.
ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා කෙරෙන ඩීඑන්ඒ පරීක්ෂණ කඩිනම් කිරිමට ස්කොට්ලන්ඩ්යාඩ් හා එෆ්බීඅයි සංවිධානවල සහය හිමිවීම පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමට හැකිවූ බවද ආරක්ෂක අංශ ඉදිරිපත් කළ වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

