
(රවින්ද්‍ර ප්‍රභාත් )
පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද(05) සවස සිට අඩි 01 බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.
මෙම වාන් දොරටු දෙක විවෘත කිරීම හේතුවෙන් ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 1400 ක ජල පරිමාවක් මුදා හැරෙන අතර මෙම තත්වය දැදුරුඔය පහළ ප්‍රදේශ වලට කිසිසේත්ම ගංවතුර තත්වයක් නොවන බවද ඉන්ජිනේරුවරයා කීය.
දැනට පිටාර මට්ටමේ පවතින ජලාශයට ඉදිරියේ ලැබෙන වැසි තත්වය අනුව අවශ්‍ය පියවර ගන්නා බවද සමරජීව මහතා පැවසීය.
දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි 60000 කි.

