දැඩිසත්කාර ඇඳන් 25ට බහී: රෝහල් උපරිම ධාරිතාවේ


(සුජිත් හේවාජුලිගේ)

කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර ඇති දැඩිසත්කාර ඒකක ඇඳන් 215න් දැනට ඉතිරිව ඇත්තේ ඇඳන් 25ක් පමණකැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය.

සෞඛ්‍ය පද්ධතිය උපරිම ධාරිතාවට පැමිණ ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මේ අනුව දැඩිසත්කාර ඒකක ඇඳන් 215න් ඇඳන් 190කම රෝගීන් සිටින බව පැවසූ හම්දානි මහතා මෙම දැඩි සත්කාර ඒකක මුළු ඇඳන් ප්‍රමාණයට රාජ්‍ය අංශයේ ඇඳන් 189ක් සහ පෞද්ගලික අංශයේ ඇඳන් 26ක් ඇතුළත් වන බවද පැවසුවේය.

කෙසේ වෙතත් තවත් දැඩි සත්කාර ඒකක ඇඳන් සූදානම් කිරීමට හැකියාව පවතින බවද හෙතෙම සඳහන් කළේය.

පවතින තත්වය තේරුම් ගෙන ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා වැඩිදුරටත් කීවේය.