දළදා මාළිඟාවේ ආරක්ෂාව තර කෙරේ


(චමිල් රූපසිංහ)
 
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
 
ඒ අනුව මහනුවර සියලු පොලිස්පතිවරුන් සමඟ මාළිගාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ගැන සාකච්ඡා කළ බවද ඒ මහතා සඳහන් කරයි.

දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන්ට පාර්සල් ආදිය රැගෙන ඒමෙන් වළකින ලෙසද නිළමේවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.