දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?


(සුජිත් හේවාජුලිගේ)

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ජාතික සුදුසුකම් සලකා බැලීමේ විභාග ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය  ගම ගෙදර දිසානායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන කොමිෂන්  සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය

දහම් පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් වැඩි වශයෙන් යොමුකිරීමේ අරමුණින් යුතුව මෙම තීරණය ගෙන ඇත.