දහම් අධ්‍යාපනය අනිවාර්ය කරන්න යෝජනාවක්


(යොහාන් භාසුර)

මෙවර වෙසක් උත්සවයට සමගාමීව දහම් පාසල් අධ්‍යාපන අනිවාර්ය කිරීමට  බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම යෝජනාවට කැබිනට් මණ්ඩලයෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යයේ උසස් නිලධාරියෙක් පැවසීය.