දරුවන් බේරන්න ගිය ඉංජිනේරුවා මුහුදට දිවි පුදයි


 

පානදුර සුමිත් ප්‍රේමතිලක

කළුතර කැලිඩෝ මුහුදෙහි රළ පහරට ගසාගෙන යමින් සිටි කුඩා ළමුන් පිරිසක් බේරාගැනීමට ඉදිරිපත් වූ සිවිල් ඉංජිනේරුවෙකු මුහුදු රළ පහරට හසුව මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මතුගම කලුපහන ප්‍රදේශයේ පදිංචිව සිටි දමිනිගේ දමිත් ශ්‍රීමාල් උදය කුමාර නමැති 31 හැවිරිදි සිවිල් ඉංජිනේරුවකු ලෙසින් රාජකාරි කල  පුද්ගලයෙකු බවයි පොලීසිය පවසයි.

ඔහු තවත් පිරිසක් සමග  කැලිඩෝ වෙරළ තීරයට පැමිණ එහි  ඇති ගල් බැම්ම මත ඇවිද සිරි නරඹමින් ඡායාරූප ගනිමින් සිටියදී කුඩා ළමුන් පිරිසක් රළ පහරට හසුව ඇති බව දැක තිබේ . කුඩා දරුවන් බේරාගැනීම සඳහා කාන්තාවන් කිහිප දෙනෙක් මුහුදට බැස ඇති අතර ,ඔවුන්ද රළ පහරට හසුව සිටියදී ඔහු මුහුදට පැන කාන්තාවන් සහ දරුවන් බේරාගැනීමට සහාය වී ඇතැයි පොලීසිය කියයි .

එහිදී  හදිසියේම ඔහුද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, තවත් පිරිසක් එක්ව ඔහු බේරා ගෙන සුවසැරියෙන් නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.