දඩ මස් සමඟ අවන්හලේ තුනක් වනජීවියට මාට්ටු


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම විජය කටුපත ප්‍රදේශයෙ පවත්වාගෙන ගිය අවහන් හලක් තුළ තිබු වන සතුන්ගෙ මාංශ කිලෝ 150 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට  ගත් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි.

අවන්හල වසර ගනනාවක සිට පවත්වාගෙන ගොස් ඇති බවත් එහි හිමිකරුවන් හා කළමණාකරු ඇතුළු කාර්ය මංඩලය කිසිදු බියකින් තොරව මුව මස් , ගෝන මස් , වල් ඌරු මස් හා දැඩි ආරක්ෂීත කැබැල්ලෑවන්ගේ ඇතුළු වන සතුන්ගේ මාංශ ප්‍රසිද්ධියේ අධී ශීතකරණ වල රදවා ගනිමින් තිබු බව වැටලිම සිදුකල වනජීවි නිළධාරීහු පවසති.

මෙම අවන්හල හල අසලම සුපිරි වෙළද සැල් තිබු අධිශීතකරණ  දෙකක් තුල වල් ඌරු මස් කිලෝ 103 ක් මුව මස් කිලෝ 17 ක් සමග දැඩි ආරක්ෂීත කැබැල්ලෑවකුගේ කිලෝ 7 ක පමන මාංශ ගබඩා කර තිබු බව වැටලිමට එක්වු නිළධාරීන් පවසයි.

පාලවිය ගුවන් හමුදා කදවුරේ බුද්ධී නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත අදාල වැටලිම සදහා  කරුවලගස්වැව වනජීවි නිළධාරීන්ට දැනුම් දීමේන් පසු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිළධාරීන් පිරිසක් සමග අදාල වැටලිම සිදුකර තිබුනී.