දකුණෙන් ආසාදිතයන් 1448ක් වාර්තා වෙයි


(සුමතිපාල දියගහගේ)

දකුණු පළාතට අයත් ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන් ඊයේ දින අලුතෙන් කොරෝනා ආසාදිතයන් 1448 හඳුගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව දකුණේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 47219 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්ධන මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පැවසීය.

ඒ අනුව ගාල්ල දිසාවෙන් ආසාදිතයින් 506 ක් මාතර දිසාවෙන් ආසාදිතයින් 503 ක් හම්බන්තොට දිසාවෙන් ආසාදිතයින් 438 ක් වශයෙන් එම රෝගීන් වාර්තා වී ඇත.