(සුමතිපාල දීයගහගේ)
දකුණු පළාතට අයත් ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන් ඉකුත් 24 පැයේ කොරෝනා ආසාදිතයින් 1292 දෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්ධන මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ඒ අනුව දකුණේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 41848 දක්වා ඉහළ ගොස් ඇත. ගාල්ලෙන් ආසාදිතයින් 594 ක් මාතරින් 323 ක් හම්බන්තොටින් 352 ක් වශයෙන් එම ආසාදියන් හඳුනාගෙන ඇත.