දකුණෙ පළාත් පාලන ආයතනවල සුළු සේවකයින් වර්ජනයක


(සිරිනිහාල් ගමගේ)              

දකුණෙ පළාත් පළාත් පාලන ආයතන වල අනියම් සුළු සේවකයින් ස්ථිර කරන ලෙස බල කරමින් අද (04) දහවල් දකුණු පළාත් ප්‍රධාන කාර්යාලය ඉදිරියට ගාල්ල තලගහ මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර කර උත්ඝෝෂණයක්‌ පැවැත්වේ.

තවද මෙම උත්ඝෝෂකයින් දකුණු පළාත් ප්‍රධාන කාර්යාලයට  (දක්ෂිණ පාය) ඇතුළු වන හා පිටවන ගේට්ටු අවහිර කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර වරයාගේ සාකච්චාවක් ඉල්ලා සිටි.   

මේ වනවිට ද පවතින එම තත්වය පැයකට වඩා කාලයක් පැවතීම නිසා මහජනතාව දැඩි අපහසුතාවට ලක්‌ව ඇත.