දකුණු කොරියාවේ හිටපු ජනපතිට සිර දඬුවම්


දකුණු කොරියාවේ හිටපු ජනපති ලී ම්යුන්ග් බක් මහතාට වසර 17 ක සිර දඬුවමක් එරට අභියාචනාධිකරණය  අද(19)  නියම කළේය.

අල්ලස් හා මුදල් වංචා කිරීම ඇතුළු දූෂණ ක‍්‍රියාවලට වැරදිකරු වීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම පැනවීය.

මීට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 11 ක දඩයක් ගෙවීමට ද ඔහුට නියම විය.

2018 වසරේදී  ඇමෙරිකානු ඩොලර් මිලියන 11 ක දඩයක් සමඟ වසර 15 ක සිර දඬුවම් මොහුට නියම වූ නමුත් ඔහු අභියාචනයක් ඉදිරිපත් කර ඇප ලබා සිටියේය.

2008 වසරේ සිට 2013 වසර දක්වා‍ කාලය තුළ ලී ම්යුන්ග් බක් මහතා දකුණු කොරියාවේ ජනාධිපති ධූරය දැරුවේය.

(ඒ.එෆ්.පී. ඇසුරෙනි)

226