තේ වත්තේ පිපිරීම ගැන අයෙක් අත්අඩංගුවට


(මහේෂ් කීර්තිරත්න, රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ ඇම්. ඩබ්ලිව්. සෝමරත්න)

මහනුවර අලවතුගොඩ මාරුකොණ ප්‍රදේශයෙන් ඇසුණු විශාල පිපුරුම් හඬක් හේතුවෙන් මාතලේ අලවතුගොඩ ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව හා ආරක්ෂක අංශ කලබලයට පත්විය.

මාතලේ ප්‍රදේශයේ තේ වත්තක සිදුවූ මෙම පිපිරීමෙන් කිසිවෙකුටවත් තුවාල සිදුවී නොමැති අතර එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා සිංහල ජාතිකයෙකි.

එම පිපුරුමත් සමග එම වත්තේම රිලවුන් එළවීම සඳහා රතිඤ්ඤා පත්තු කළේ යයි ඇඟවීමට සහ ආරක්ෂක අංශ නොමග යැවීම සඳහා එම වතුහිමියා රතිඤ්ඤා පත්තු කර ඇති අතර පැය 2ක පමණ කාලයක් වත්ත පරික්ෂා කිරීමෙන් අනතුරුව පිපිරුම සිදුවූ ස්ථානය සොයා ගැනිමට හැකිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු  අලවතුගොඩ පොලිසිය හා යුද හමුදාව  එක්ව මෙහෙයවයි.