තෙල් පෝලිමේ සිටි පිරිසට සුවනෙත හෙදියන්ගෙන් ‍සංග්‍රහයක්


(ඩයනා උදයංගනී)

ගොතටුව, ඉන්දියන් තෙල් සමාගමට අයත් පිරවුම්හල අසල අද (21) දිනයේත් දිගු පෝලිම් පැවති අතර, දින ගණනක් එම පෝලිමේ රැඳී සිටි පිරිස් වෙනුවෙන් ඒ අසල ඇති ‘සුවනෙත’ පෞද්ගලික අක්‍ෂි රෝහලේ කාර්ය මණ්ඩලය සංග්‍රහයක් සංවිධානය කර තිබිණි.

එහි සේවය කරන හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ පෝලිමේ සිටි පිරිස් වෙත පැමිණ බිස්කට් හා කිරිපැකට් රැගෙන විත් පෝලිමේ සිටි පිරිස් වෙත බෙදා දුන්හ.

පෝලිමේ රැඳී සිටි පිරිස් ඔවුන්ට ස්තුතිය පළ කරමින් එම සංග්‍රහය භුක්ති විඳිනු දක්නට ලැබිණි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ )