(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව සමුපකාර ඉන්ධන පිරවුම්හලින් පෙට්‍රල් ගැනිමට පැමිණි යතුරු පැදි ,ත්‍රිවිලර්, මෝටර් රථ ඇතුළු වාහනවලින් පැමිණි 25,000ක් පමණ පිරිස පාලනය කිරීමට ආණමඩුව පොලිසිය හා අවට පොලිස්ථාන වල නිළධාරින් හා යුද හමුදාව දැවැන්ත සටනක නිරත වී සිටිනු දැක ගත හැකි විය.
23 වැනි දා දිනට අංකවලට ඉන්ධන ලබා ගැනිමට පැමින සිටි පිරිසට අදාල ඉන්ධන නොලැබිමත් සමග එම පිරිස ද 24 දින ද පෝලීම් වල රැදි සිටිම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව පොලිසිය කියයි.
මෙම හේතුවෙන් ආණමඩුව නවගත්තේගම මාර්ගය සම්පුර්ණයෙන් වැසි යාම නිසා පොලිසිය විකල්ප මාර්ග භාවිත කර එම මාර්ගයෙ ගමන් කළ වාහන හරවා යැවිමට කටයුතු කළේය.
අධික පිරිසක් පැමිණීමත් සමග උණුසුම් කාරි තත්වයක් මතුව තිබු අතර පිරිස පාලනය කිරීමට ආණමඩුව පොලිසිය නවගත්තේගම පොලිසිය නිළධාරින්ද කැදවා තිබු අතර ඒ සමගම යුද හමුදාවද කැඳවා තිබුණි.