තියුණු ආයුධයකින් පහරදී ධීවරයා ඝාතනය කරලා


(ගයාන් සූරියආරච්චි)

කෝකිලායි, කොක්කුතඩුවායි හීදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව කෝකිලායි පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ කොක්කුතුඩුවායි ප්‍ර දේශයේ පදිංචි 22 හැවිරිදි ධීවරයෙකි.

කෝකිලායි පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. එම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කිරීමට නියමිතව තිබුණි. කෝකිලායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.