
(විනීතා එම් ගමගේ)
තැපැල් දෙපාර්තමේන්තුවට ආදේශකයන් බඳවා ගැනීමේ කටයුතු වලින් සියයට 70 ක් අවසන් යැයි තැපැල් දෙපාර්තමේන්තුව කියයි.
ආදේශකයන් 3100 ක් පමණ දෙනා බඳවා ගැනීමට නියමිත බවත් පළාත්බද තැපැල් කාර්යාලවල කණිශ්ඨ සේවක පිරිස්වලින් තුනෙන් එකකට සමාන පිරිසක් බඳවා ගැනීම එම පළාත්වල දී මේ වනවිට සිදුවෙමින් පවතින බවත් නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා කියයි.
මෙම බඳවා ගන්නා සේවකයන් ස්ථිර වැටුප් ලබන්නන් නොවන අතර කණිශ්ඨ තැපැල් සේවකයන් නිවාඩු ලබා ගන්නා අවස්ථාවල ඒ වෙනුවෙන් මෙම ආදේශකයන් සේවයේ යොදවන බවත් සේවක පුරප්පාඩු පවතින අවස්ථාවල දී ජ්‍යෙෂ්ඨත්වය මත ඔවුන් සේවයේ ස්ථිර කරන බවත් රණසිංහ මහතා කීය.

