(යොහාන් භාසුර)
රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ සියලුම තැපැල් කාර්යාල ලබන මස 10 වැනිදා දක්වා හෝ නැවත උපදෙස් ලැබෙන තෙක් සතියේ දින තුනක් පමණක් විවෘත කරන බවත් සඳුදා දින මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ තැපැල් කාර්යාලවල රාජකාරී සඳහා අවම කාර්ය මණ්ඩල කැඳවිය යුතු බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසයි.
එම චක්‍රලේඛයට අනුව අඟහරුවාදා, බඳදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සියලුම තැපැල් කාර්යාල විවෘත කරන අතර සඳුදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල තැපැල් කාර්යාල වසා තබයි.