(මොහොමඩ් ආසික්)
මුස්ලිම් පල්ලිවල කඩු සම්බන්ධයෙන් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මහතා කළ බව කියන ප්‍රකාශයකට පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු අද(14) මාසික මහ සභා රැස්වීමේදී විරෝධතාවයක් දැක්වූහ.
තොරතුරු දැන ගැනීමේ අයිතිය අහෝසි කිරීමට විරෝධය දැක්වීම සහ අන්තවාදීන් සියලුදෙනාට දඬුවම් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරු විරෝධය පෑහ.
පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පූජාපිටියේ පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.


