තාරුණ්‍යයේ සිහින යළි නගා සිටුවීම ආශ්චර්යයක්


(අංජුල මහික වීරරත්න)

ඇද වැටුණු බංකොලොත් රාජ්‍යයක් මතින් යළිත් තාරුණ්‍යය සිහින නඟා සිටුවන්නට හැකිවීම ප්‍රාතිහාර්යක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රටේ මිනිසුන් මහමඟ ඉන්ධන පෝලිම් වල, ගෑස් පෝලිම් වල ජීවිතය ද අහිමි කර ගනිමින් අත්‍යවශ්‍ය කිසිවක් සොයා ගන්නට නොහැකි ව ඉබාගාතයේ ගිය කාල පරිච්ජේදය පසු කරමින් මාස කිහිපයක් ඇතුලත රට යලි නව මාවතකට ඔසවා තැබීම ආශ්චර්යක් නොවෙතියි කිසිවකුට කිව නොහැකි බවද විජයවර්ධන මහතා කීය.

මිනිසුන්ට යළි තම අපේක්ෂාවන් වෙනුවෙන් අලුත් හුස්මක් ගන්නට ජනපති දැන් කාලය උදා කර දී තිබෙන බව කී විජයවර්ධන මහතා දැන් රටට අවශ්‍ය වන්නේ සියලු දෙනා එක්ව ගොඩ නැගිය යුතු යකඩයෙන් ශක්තිමත් වූ ස්ථිරසාර රාජ්‍ය පාලන ක්‍රමවේදයක් බවද සඳහන් කළේය.