(පැතුම් දර්ශන)
තණ කැවීම සඳහා ගවයන් දක්කාගෙන ගිය පියා පිටුපස ගිය වයස අවුරුදු තුනක දරුවකු වතුර වළකට වැටී මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය කියයි.
කහටගස්දිගිලිය පොලිස් වසමට අයත් කයිපිටියාව,ඉහලගම ප්‍රදේශයේ දී සිදුව ඇති මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහොමඩ් අස්කාර් කවිදි නැමැති තෙහැවිරිදි දරුවෙකි.
මියගිය දරුවාගේ පියා සුපුරුදු පරිදි නිවසේ ඇති කරන ගව රංචුව නිවස පිටුපස කැලෑවට තණ කැවීම දක්කාගෙන ගොස් ඇති අතර දරුවාට පියා පසුපසින් ගොස් ඇත. දරුවා තමා පිටුපසින් පැමිණෙන බව පියා දැක නොමැති බව පොලිසිය අනාවරණය කර ගෙන ඇත. එසේ ගිය දරුවා වතුර පිරි තිබූ වළකට වැටී මියගොස් ඇත.
පසුව දරුවා පෙනෙන්නට නොසිටි නිසා කළ සොයා බැලීමේදී වතුර වලේ වැටි මියගොස් සිටි දරුවාගේ සිරුර සොයාගෙන ඇත.

