ත්‍රීවීල් අනතුරකින් අයෙක් මරුට : කතක් රෝහලට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)        

හොරණ ගෝනපොල කෝරළඉම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී තීරෝද රථයක අනතුරකින් පුද්ගලයකු මිය ගොස් රියදුරු හා එහි ගමන් ගත් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කළ බව මොරගහහේන පොලිසිය කියයි.

අනතුරින් මියගොස්   ඇත්තේ  පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 62 ක දෙදරු පියකි.

මියගිය පුද්ගලයා ඉදිකරමින් පවතින ඥාති නිවසක තවත් පෙදරේරුවෙකු සමග ඉදිකිරීම් කටයුතුවල නිරතව සිට රාත්‍රී ආහාර ගැනීම සඳහා හොරණ කොළඹ මාර්ගය හරහා මාරුවීමේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

තුවාල ලද රියදුරු  ඥාති කාන්තාවක් සමඟ දානමය පින්කමකට සහභාගී වී  නැවත නිවස කරා පැමිණෙමින් සිටියදී  පාර මාරුවෙමින් සිටි මිය ගිය පුද්ගලයාගේ ඇඟේ ගැටී මෙම අනතුර වී ඇති බව පොලිස්  විමර්ශන වලදී අනාවරණයවී ඇත