ත්‍රිරෝදය දුම්රියේ ගැටී දෙකක් මරුට:හතරක් රෝහලට


(තරංග ගුණරත්න)

වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් හතරදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි.

අද දහවල් මාතර සිට මහනුවර බලා ධාවනය වූ 8039 දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබියදී වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් ගැටි තිබේ.

එම ත්‍රිරෝද රථයේ මව සහ එකම පවුලේ දරුවන් 3 දෙනකු සහ තවත් ඥාති අයකු ගමන් කොට තිබේ

ත්‍රිරෝද රථයේ රියැදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත්  තුවාල ලැබූ වයස 9 දරුවකු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් දෙදෙනකු සහ මව හා තවත් ඥාතියකු ප්‍රතිකාර සඳහා මාතර මහා රෝහලට යවා ඇතැයි පොලිසිය කියයි

මෙම පිරිස වැලිගම පැලෑන මෝදර වත්ත ප්‍රදේශයේ පදිංචි අය බවද පොල්වතුමෝදර මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් තිදෙනා මව විසින් රැගෙන ත්‍රිරෝද රථයෙන් නිවසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.