ත්‍රිරෝද රියක් මස් කළ තුනක් අල්ලයි


 

 

 

( රංජිත් රාජපක්ෂ )                     

සොරකම් කරන ලද ත්‍රිරෝද රථයක් කොටස් වලට ගලවමින් සිටි සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසිය අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන පොලීසිය කියයි.

ඉකුත් (07) දින කොටහේන පොලිස් වසමෙන් සොරකම් කරන ලද රු ලක්ෂ 14 ක් පමණ වටිනා නවීන ත්‍රිරෝද රථයක් හැටන් ඩන්බාර් ප්‍රදේශයට රැගෙනවිත් කොටස් වශයෙන් අලෙවි කිරිම සදහා ත්‍රිරෝද රථය කොටස් කරන බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර ත්‍රිරෝද රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගත් අවස්තාවේ එහි ලියාපදිංචි අංකය ත්‍රිරෝද රථය කොටස් කරමින් තිබු ගරාජයේ සගවා තිබු බවත්, සැකකරුවන් සන්තකයේ හොරොයින් මත්ද්‍රව්‍ය ග්‍රැම් 08  මිලිග්‍රැම් 740 ක්ද තිබි හමු වි ඇත.

ත්‍රිරෝද රථය සොරකම් කිරිම සම්බන්ධයෙන් එහි අයිතිකරු විසින් කොටහේන පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් ප්‍රදේශයේම පදිංචි අවු 25-30 වයස් කාණ්ඩයේ පසුවන අය බවත් කියයි.