ත්‍රිකුණාමලය අධ්‍යාපන කළාපයේ සියලු පාසල් වහයි


(යොහාන් භාසුර)

ත්‍රිකුණාමලය අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් යළි දැනුම් දෙන තෙක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (25) පස්වරුවේ නියෝග කළාය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයෙන් අද (25) දිනයේදී ‘කොවිඩ් 19’ ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වීම පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පැවසීය.