ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහයෝගය හිමිවන බව එම සංවිධානයේ ‘ශිෂ්ටාචාර සන්ධානයේ’ විශේෂ නියෝජිත මිගෙල් මොරටිනෝස් මහතා පැවැසීය.
ජනාධිපතිවරයාගේ එම වැඩපිළිවෙළට සහාය පළ කරමින් එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී අංශයේ විශේෂඥ නියෝජිත පිරිසක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔහු පැවැසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු ත්‍රස්තවාදයට එරෙහිව ක්ෂණිකව පියවර ගනිමින් සහ සාර්ථක මෙහෙයුම් දියත් කරමින් ත්‍රස්තවාදය මර්දනය කිරීමට නායකත්වය දීම මගින් ජනාධිපතිවරයා ලෝකයට අගනා ආදර්ශයක් සපයා ඇතැයි ඒ මහතා කීවේය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස මිගෙල් මොරටිනෝස් මහතා මෙරටට පැමිණියේය.
මිගෙල් මොරටිනෝස් මහතා ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හැනා සිංගර් මහත්මිය, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
055

