(මනෝජ් හර්ෂික)
පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයන්ට ලක් වූ ස්ථානවලදී මියගිය, අතුරුදහන් වූ හෝ තුවාල ලැබූ පුද්ගලයන් පිළිබඳව සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් මේ පිළිබඳව නිවැරදි තොරතුරු දන්නා අය ඇතොත් අගරදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයට දන්වන ලෙස එඩ්මන් තිලකරත්න පියතුමෝ පවසති.
තොරතුරු ලබා දීම සඳහා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝගේ අනුශාසනා පරිදි අගරදගුරු නිවස, ජුබිලි ශාලාවේ සෙත් සරණ කරිටාස් හා කටුවාපිටිය (T.O.R) තාපසාරාමය (දේවස්ථානය ඉදිරිපිට) යන ස්ථානයන්හි කාර්යාල විවෘත කර ඇති බව පියතුමෝ සඳහන් කරති.
ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්වලින් ප්‍රතිකාර ලබා නිවෙස් කරා ගොස් ඇති අය වේ නම් පහත දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙස ද පියතුමෝ වැඩිදුරටත් පවසති.
දුරකතන අංක - 070 – 1566 766 , 070 - 1544 744
කාර්යාලීය දුරකතන අංක - 011 – 2688 999

