(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකුට කඩු 60ක් අවස්ථා දෙකකදී සාදවා දුන් බව කියන එම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු පෑලියගොඩදී අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
අත්අඩංගුවට ගත් එම පුද්ගලයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මීගමුවේ කොච්චිකඩේ බෝම්බකරුගේ නැගනියගේ නිවසේ වළ දමා තිබූ කඩු 2ක් සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
සැකකරු කොළඹ සිට මීගමුව බස් රථයකින් ගමන්කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මීට වසර 3කට පමණ පෙර තමන් දන්නා පුද්ගලයකු කම්හලකින් කඩු 20ක් සාදා දෙන ලෙස කළ ඉල්ලීමක් අනුව මීගමුව වඩික්කාල පිහිටි කම්හලකින් කඩු සාදා දුන් බව සැකකරු ප්‍රකාශ කර ඇත.
පසුව තවත් කඩු 40ක් අවශ්‍ය බව පැවසූ පසු මීගමුව පොරුතොට ප්‍රදේශයේ කම්හලකින් සාදා දුන් බව ඔහු වැඩිදුරටත් පැවසූ බව පොලිසිය කියයි.
සැකකරු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කර දින 7ක කාලයක් රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට නියමිතය.

