තවත් චීන ගුවන් යානයක් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන කටුනායකට


( ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සදහා වෛද්‍ය ආධාර තොගයක් රැගෙන චීනයේ සිට ගුවන් යානයක් අද (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

අද දින රාත්‍රී 7.00 ට චීනයේ ෂැංහයි සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානය එසේ වෛද්‍ය ආධාර තොගය රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.