තලංගම ව්‍යාපාරිකයාගේ ඝාතකයා අල්ලයි


(නිමන්ති රණසිංහ)

තලංගම තලාහේන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු ඝාතනය කර මාතලේ රත්තොට කැලයකදී පුලුස්සා දමන ලදැයි කියන සිද්ධියට අදාළ සැකකරුවකු තලංගම පොලීසිය අද සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුට සහාය දුන් බව කියන මෙම පුද්ගලයා  තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ සිට කොළඹ බලා එමින් සිටියදී බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සදහන් කළේය.

ඝාතතය වූ ව්‍යපාරිකයාගේ මිත්‍රයකු වන ප්‍රධාන සැකකරු ඔහුගේ හිස පිහියකින් කැපූ බව අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සදහන් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ගේ පෙම්වතිය බව කියන පාර්ලිමේන්තුවේ ප්‍රධාන අංශයක සේවිකාවකගෙන් තලංගම පොලීසිය  ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

පුවත්පතක පළවූ මංගල දැන්වීමකට අනුව තමා මෙම පුද්ගලයා සමඟ 2012 වර්ෂයේ සිට සබඳතාවක් පැවැත්වූ බවත් ඔහු තමා විවාහ කර ගැනීමට බලාපොරාත්තුවෙන් සිටි බවත් ඇය සිය ප්‍රකාශයෙන් සඳහන් කර ඇතැයි ද සඳහන් වෙයි.

මාතලේ රත්තොට දොඹගොඩ ප්‍රදේශයේ තේ වත්තක තිබී පිලිස්සී ගිය මෘත ශරීරයක කොටස් මේ වන විට අතුරුදන්වූ ව්‍යාපාරික කොළඹ තලාහේන මාළඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ (46) නමැත්තාගේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සදහා ඔහුගේ දෙමාපියන් මාතලේ මහ රෝහලට පැමිණී බව පොලීසිය පැවසීය.