(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ප්‍රසන්න පත්මසිරි)
වේල්ල වීදියෙන් හමුවූ 30 හැවිරිදි කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පොලිස් පරීක්ෂකවරයා (52) වස පානය කර සිය දිවි නසා ගෙන සිටියදී අද (3) බඩල්කුඹුර පහේ කණුව ප්‍රදේශයෙන් හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඔහු 52 හැවිරිදි බුත්තල පොලිස් ස්ථානයට අනුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකි.
විශේෂ පොලිස් කණ්ඩායම් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිවස වටලන අවස්ථාවේ දී නිවසින් පලාගොස් තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
පසුව එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී කැලෑ ප්‍රදේශයේ තිබී ඔහුගේ සිරුර ගසක එල්ලෙමින් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත. එම ස්ථානයේ තිබී වස කුප්පියක් ද පොලිසිය මඟින් සොයාගෙන තිබේ.

