(යොහාන් භාසුර සහ රෝෂන් තුෂාර)
ලංකා ප්‍රිමියලීග් තරගාවලියේ 2024 කණ්ඩායමක කළමණාකරන මණ්ඩල සාමාජිකයෙක් වන බංග්ලාදේශ ජාතිකයකු තරග පාවාදීමේ සිද්ධියකට අදාලව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අදාල පුද්ගලයා සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකයට ලද පැමිණිල්ලකට අනුව රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ බව එම පොලිස් ඒකකය සඳහන් කරයි.

