
(දයාරත්න ඇඹෝගම)
එළවළු හා පලතුරු මිල පහත වැටි තිබුණ ද පාරිභෝගියන්ට ඒවා මිලදි ගැනිම සදහා මුදල් නොමැතිකම හේතුවෙන් ගොවියන් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා රැගෙන එන එළවළු හා පලතුරු තොගයෙන් කිලෝ 50,000 අධික ප්‍රමානයක් මහවැලි එච් කලාපයේ පිහිටි ඔරුගොඩ යාය කුණු අංගනයට බැහැර කිරිමට සිදුව ඇතැයි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පවසයි.
මේ වන විට වට්ටක්කා කිලෝව රුපියල් 30.00 - 50.00 ත්,කැකිරි කිලෝව රුපියල්.10.00 - 15.00 ත්,අමුමිරිස් කිලෝව රුපියල් 250 - 300 ත්, බංඩක්කා කිලෝව රුපියල් 35.00 - 40.00 ත්, මෑකරල් කිලෝව රැ.100.00 - 120.00 දක්වා මිල පහත වැටි ඇති බවද සභාපතිවරයා පැවසිය.

