තබ්බෝව


( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

තබ්බෝව අභය භුමියට අයත් රාල්මඩුව ප්‍රදේශයෙ නීති විරෝධි වැලි කැණිම් කළ සැකකරුවන් පිරිසක් හා ට්‍රැක්ටරය වනජීවි නිළධාරීන් අත් අඩංගුවට ගෙන  රැගෙන එමින් සිටියදී ජාවාරම්කරුවන් හා   කාන්තාවන් පිරිසක්  කඩා වැදි   සැකකරුවන් හා ට්‍රැක්ටරය රැගෙන ගොස් ඇති  බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

වනාතවිල්ලුව හා එළුවන්කුලම වනජීවි නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත තබ්බෝව අභය භුමියට අයත් රාල්මඩුව ප්‍රදේශයෙ සිදුකරමින් තිබු වැලි ජාවාරම වැටලිමට ගිය වන ජීවි නිළධාරීන් මෙම සිදුවිමට මුහුණ දී ඇති බව කියයි.

වනජීවි නිළධාරීන් පවසන්නේ තමන් විසින් සිදුකල වැටලිමේදි තබ්බෝව අභය භුමිය තුළ වැලි කැණිම් කර ප්‍රවාහන කරමින් සිටි ට්‍රැක්ටරයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බවයි.

එම සැකකරු හා ට්‍රැක්ටරය රැගෙන වනජීවි කාර්යාලයට රැගෙන එමින් සිටියදී එකවර කඩා වැදුන කණ්ඩායමක් වනජීවි නිළධාරීන් ඉදිරියෙදීම ට්‍රැක්ටරයෙ වැලි ටිපර් කර බිමට දමා ඇති රුගෙන යාම සිදුව ඇති බවත් ඒ සමගම  එම ස්ථානයට කඩා වැදුන කාන්තාවන් පිරිසක් ට්‍රැක්ටරයෙ රියදුරුද රැගෙන පලා ගිය බව කියයි.

කෙසේ වෙතත් එම ස්ථානයෙ රාජකාරි සදහා එක්වු වනජීවි නිළධාරීන්ගේ ප්‍රමානවත් නොවිම හේතුවෙන් වනජිවි නිළධාරින් දැඩි අසිරුතාවයට පත්ව තිබේ.