
බම්බලපිටියේ මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් වැටුණු 15 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
බම්බලපිටිය ක්‍රෙස්ටර් පෙදෙසේ පිහිටි ගොඩනැගිල්ලෙන් වැටී ඊයේ (28) සවස සිදු වූ මෙම අනතුරින් අධික ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලට රැගෙන යාමෙන් පසුව එම දරුවා මිය ගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
දරුවා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
බම්බලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

