(යොහාන් භාසුර සහ ගයාන් සූරිය ආරචිචි )
මුදල් විශූද්ධිකරණය සම්බන්ධ චෝදනාවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (5) පෙරවරුවේ පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඥාතිවරියක් වන ඩේසි ෆොරස්ට් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගැනීමෙන් පසුව ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සී.එස්.එන්. නාලිකාවේ ගිණුමක් සම්බන්ධයෙන් මෙහිදී ඩේසි ෆොරස්ට් මහත්මියගෙන් ප්‍රකාශයක් ගෙන තිබේ.