ඩේසි ෆොරස්ට ඇප


(කේ බුද්ධික කුමාරසිරි)

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ පවතින නඩුවක සැකකාරියක ලෙස අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කල ඩේසි ෆොරස්ට් නැමැත්තිය රුපියල් ලක්ෂ පණහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (05) දින නියෝග කලාය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සභාපතිත්වය දැරූ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් පෞද්ගලික සමාගමට ඒරෙහිව මුදල් විශුද්ධිකරන චෝදනාව යටතේ  2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ආරම්භ කල විමර්ශනයකට අදාලව එම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි

අදාල විමර්ශනයේදී රපියල් මිලියන 59කට අධික මුදලක් තිබූ ස්තීර තැන්පතු බැංකු ගිණුමක් සම්බන්ධයෙන් අණාවරණය වූ බවත් අදාල ගිණුම යෝෂිත රාජපක්ෂ නැමැත්තා සමග හවුල් ගිණුමක් ලෙස සැකකාරිය විසින් පවත්වාගෙන ගොස් තිබු බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් අධිකරනය හමුවේ කරුණු දැක්වීය