
(යොහාන් භාසුර)
ඩීසල් හිඟය අද (1) දිනයේ ද රට පුරා දැකිය හැකි අතර ඒ හේතුවෙන් කොළඹ නගරය ඇතුළු බොහෝ ප්‍රදේශවල ඩීසල් මිලදී ගැනීමට දිගු පෝලිම් දැකිය හැකිවිය.
ඇතැම් පිරවුම්හල් තුළ විශාල ප්‍රමාණයේ සුඛෝපභෝගි බස් රථ ඇතුළු වාහන ඩීසල් ලැබෙන තෙක් ගාල්කර තිබෙන ආකාරය ද දැකගත හැකිය.
ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරියෙක් පැවසුවේ ඉදිරි දින හතරකට පමණක් ප්‍රමාණවත් ඩීසල් තොග පවතින බවත් අද (1) ඩීසල් රැගත් නෞකාවක් වරායට ළගා වීමට නියමිත බවත්ය.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)




