ඩිලාන් පෙරේරාත් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොදු ජන පෙරමුණේ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද කෝප් කමිටුවෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමන් කෝප් කමිටුවෙන් ඉවත්වීම පිළිබඳ ලිපිය කතානායකවරයාට යොමු කරන බවයි.