ටිල්වින්- වියට්නාම් තානාපතිනිය හමුවක්


(අංජුල මහික වීරරත්න)

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ  ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ත්‍රින් තී ටැම් මහත්මිය අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලයේදී සිදුවිය.

එහිදී වියට්නාම් ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් මහතාගේ  සංචාරය පිළිබඳ සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සිදුකරන ලද සංචාරය සම්බන්ධයෙන් ටෝ ලාම් මහතා ඉහළ ප්‍රසාදයක් පළ කළ බවත් එම සංචාරයෙන් පසු ශ්‍රී ලංකාව සමග වියට්නාමයේ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා විස්තීර්ණ හවුල්කාරීත්ව මට්ටමට වර්ධනය කරගැනීමට හැකි වූ බව තානාපතිවරිය ප්‍රකාශ කළාය.

එසේම ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා සිදුකරන කටයුතු, ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම, විද්‍ය හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාවයේ ප්‍රගතිය යන කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. උප තානාපති ලී වැන් හොන්ග් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.