ඥානසාර හිමිගේ රට ගමන් තහනම ඉවතට


(නිමන්ති රණසිංහ)

පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියකට අදාළ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (7) නියෝග කළාය.

ජපානයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සඳහා විදේශ ගමන් තහනම ඉවත්කරන ලෙස ඥානසාර හිමියන් අධිකරණයට කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයාගේ උපදෙස් මත රජයේ සේවකයකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව චෝදනා පත්‍රය සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකාර ඥානසාර හිමියෝ තමන් මෙම සිද්ධියට අදාළව නිවැරදිකරු බව ප්‍රකාශ කළහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)