(නිමන්ති රණසිංහ)
වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව පවරා තිබු වත්කම් බැරකම් නඩු 4 ක් අද (19) එම කොමිසන් සභාව විසින් අධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගනු ලැබිණි.
2010, 2011, 2012, 2013 යන වර්ෂවලට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළැයි අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව නඩු පවරා තිබිණි.
එම සිද්ධියට අදාළව නඩු ඉදිරියට පවත්වාගෙන නොහැකි තාක්ෂණික දෝෂ මතුවී තිබීම හේතුවෙන් මෙම ඉල්ලා අස්කර ගැනීම සිදුකරන බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

